Pages

Tuesday, April 24, 2012

‘මර්වින්ට සෙට්වුණොත් සුදුවෑන් එවනවා’


රාජපක්‍ෂ පාලනයේ දෙබිඩි න්‍යාය හේතුවෙන් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්තී‍්‍රවරුන් දැඩි පීඩනයකට ලක්වී සිටින බව කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු අප වෙත පැවසීය.


ඔහු කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරුන්, මර්වින් සිල්වා සමග කටයුතු කරන ලෙසට බලපෑම් කරන බවත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටින්නේ මර්වින්ට එක්වුවහොත් සුදු වෑන් එවන බවයැයිද ඔහු හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පසුගිය සෙනසුරාදා රාති‍්‍රයේ කැලණිය ප‍්‍රාදේශිය සභා සාභාපති ප‍්‍රසන්න රණවීර මහතාගේ නිවසේ මන්තී‍්‍රවරුන්ගේ රහස් සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී මේ පීඩනය දිගටම එල්ලවන්නේ නම් එහි සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවද පැවසීය.
මේ අතර, එම අරගලය දියත් කල ප‍්‍රබල මන්තී‍්‍රවරයෙකු වන හසිත මඩවල මහතාට එක්සත් ජාතික පක්‍ෂයට එක්වන ලෙසට ආරාධනයක් ලැබී ඇති බවත් පැවසේ.
තමා තවත් මන්තී‍්‍රවරුන් දස දෙනෙකු සමග එජාපයට එක්වන්නට කැමති බවත්, ඒ සඳහා කැලණිය සංවිධායක ධූරය තමාට අවශ්‍ය බවත් ඔහු පවසා ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

Source - lankanewsweb.com