Pages

Sunday, May 27, 2012

හමුදා ආරක්ෂක කපොළු මැද්දේ සුදුවෑන් රියකින් 23 හැවිරිදි තරුණියක් පැහැර ගනී


යාපනයේදී 23 හැවිරිදි තරුණියක් තම පියාත් සමග ගමන් කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබේ. මෙය සිදුව ඇත්තේ අද උදෑසන 11.00 ට පමණ ය.

යාපනයේ නැගෙනහිර උරුම්බරායි ප්‍රදේශයේ පදිංචි කාරියක් වන සෙල්වරාජා අර්ජුනා අම්බිගා නම් 23 හැවිරිදි තරුණිය සිය පියා සමග මෝටර් සයිකලයකින් කොන්ඩාවිල් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සුදුවෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පියා තල්ලූකර දමා අම්බිගා නම් තරුණිය බලහත්කාරයෙන් සුදුවෑන් රථයට දමාගෙන පවනට බඳු වේගයෙන් පලාගොස් තිබේ.

පියා විසින් මේ පිළිබඳ කෝපායි පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර තරුණිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

මෙම ප්‍රදේශය දැඩි හමුදා ආරක්ෂක කපොලූ සහිත ප්‍රදේශයකි. උතුරේ හමුදා කඳවුරු කිසිවක් ඉවත් නොකරන බවට පසුගියදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී