Pages

Sunday, May 27, 2012

මිලියන 60 ක වංචාවක් යට ගහලා


2010 වර්ශයේ පැවැති ‘ජෙම් ඇන්ඞ් ජුවලරි’ ප‍්‍රදර්ශනයේදී ඒ සඳහා වියදම් කර ඇති බව පෙන්වා වංචා කර ඇති මිලියන 60 ක මුදලක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් සහකාර සැලසුම් කලමණාකාරිනී ඉවෝන් මල්ලිකාආරච්චි මහත්මිය විසින් ගිණුම් අංශය වෙත ලබා දී ඇතත්, ගිණුම් අංශය එවැනි වාර්තාවක් ලැබී නැති බව ප‍්‍රකාශ කර සිටී.
සේවකයන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ පිළිබඳව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. පරීක්‍ෂණය යට ගැසීම හා අදාළ මිලියන 60 ක් මුදලේ තොරතුරු සැඟවීම අතර සම්බන්ධයෙන් පවතීද යන්න පිළිබඳවද සේවකයන් තුළ සැකයක් මතුවී ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.


Source - lankanewsweb.com