Pages

Tuesday, May 1, 2012

ජනපතිගේ මැණික් කටුව


පසුගිය කාලයේ ජනපතිවරයා වම් අතේ මැණික් කටුවේ ආබාධයකින් පෙළී ඇති බව වාර්තා වේ.නිල නොවන වාර්තා සඳහන් කරන ආකාරයට ජනපතිවරයාට මෙම අනතුර සිදුවී ඇත්තේ ගම්පහ ව්‍යායාම පථය විවෘත කරන්න ගිය අවස්ථාවේදීය.

එම පථය විවෘත කිරීමට යාමේදී ජනපතිවරයා ඇදවැටී ඇති අතර එයින් එතුමාගේ වම් අතේ මැණික් කටුව අසලට තුවාල සිදුවී ඇත.මෙම සිදුවීම ඒ අවස්ථාවට පැමිණි මාධ්‍යයවේදින්ටද නිරාවරණය වූ අතර එම අවස්ථාවේ ජායාරූප ගැනීම තහනම් කොට ඇත.

පසුව කොළොඹ නිදහස් මාවතේ විවෘත වූ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනපතිවරයා සහභාගී වී ඇත්තේ තුවාල වූ වම් අතට බැන්ඩේජ් යොදා ගෙනය.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ජායාරූප ගෙන ඇති අතර පසුව ජනපති ආරක්ෂක අංශය විසින් බැන්ඩේජ් කරන අත සහිත ජායාරූප ඔවුන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

මේවනවිට එතුමාගේ අනතුරට පත්වූ අත සම්පුර්ණයෙන් සුවය ලබා ඇතිබව වාර්තා වේ.කෙසේ නමුත් මාධ්‍යයට නිරාවරණය නොවූ මෙම අනතුරෙන් පසුව ගත් ජායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

ඒ ජනපතිතුමා ප්‍රවීන ගායක එඩ්වඩ් ජයකොඩි මහතාගේ සංගීත ප්‍රසංගයකට සහභාගී වූ අවස්ථාවේදිය.එම ජයාරූප බලන්න පහතින් 









Source: http://www.gossip9.com/2012/05/blog-post_01.html#ixzz1tchaZ7UJ