Pages

Wednesday, May 9, 2012

මම දේශපාලනයට එන්නේ නෑ - මාලක සිල්වා


මගේ ව්‍යාපාර වැඩි දියුණු කරන් ඉන්නවා 

මෙයට පෙර අප ලිපියක් මගින් හෙළි කලේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් "තමාගෙන් පසුව කැලණිය තමාගේ පුතුට බාර දෙන බවට" මාධ්‍යය හමුවේ කල ප්‍රකාශයකි.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පිටතින් ඇප්ලිකේෂන් ගැනීම අනවශ්‍යය බවත් තමාගෙන් පසු තම පුතා ඒ සඳහා ඉදිරිපත්ව සිටින බවත්ය.

නමුත් අද දින (09) පුවත්පතකට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ප්‍රකාශකොට තිබුනේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තමාට කිසිසේත්ම අදහසක් නැති බවයි.


සිය පියාගේ දේශපාලනයට මෙයට පෙර සිටම උදව් කර බවත් ඉදිරියටත් එසේ උදව් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම වෙනුවට තමාගේ ව්‍යාපාර දියුණුකරගෙන සිටීම ඔහුගේ අරමුණ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශකොට තිබුනා.






Source: http://www.gossip9.com/2012/05/blog-post_09.html#ixzz1uO3xzL7v