Pages

Friday, May 4, 2012

රාජපක්‍ෂ දෙසොයුරෝ සීතල යුද්ධයක


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ දෙසොයුරෝ අතර ගැටුමක් ඇතිවීමට ඉතා ආසන්න තත්ත්වයක් ඇතිව ඇති බව ‘ලංකා නිවුස් වෙබ්’ වෙත වාර්තා වේ.
බැසිල් විසින් අමාත්‍ය මර්වින් සිල්වාට සහයෝගය දැක්වීමත් ගෝඨාභය විසින් මර්වින්ට විරුද්ධ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ට ආධාර අනුබල ලබාදීමත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබේ.
මේ අතර, බැසිල් කැලණිය ආසන සංවිධායක ධූරයට මර්වින්ගෙන් පිට වෙනත් අයෙකු පත් කිරීමට දැඩි ලෙස විරුද්ධව සිටින බවද වාර්තා වේ.
ඉකුත් සතියේදී කැළණිය, ගම්පහ හා මීගමුව යන නගරවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ගෝඨාභය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ද බැසිල් දැඩි විරෝධයක් එල්ල කිරීම හේතුවෙන් ගෝඨාභයට එය අත්හැර දැමීමට සිදු විය.
ගොඨාභය අදාල මෙහෙයුම දියත් කිරීමේ යටි අරමුණ බවට පත්ව තිබුණේ බැසිල්ගේ ශක්තිය වන නිමල් ලංසා හා මර්වින් සිල්වා පාලනය කිරීමට බව ද පැවසේ.
අදාල මෙහෙයුම මුවාවෙන් නිමල් ලංසා හා මර්වින්ගේ කුඩු ජවාරම් කරුවන් අත්අඩංගුව ගැනීමට ගොඨාභය සැලැසුම් කර තිබුණ අබද වාර්තා වෙ.

Source - lankanewsweb.com