Pages

Monday, May 28, 2012

ටීඑන්ඒ සමුළුවට ආ බස් රථයකට ගහලා - සම්බන්ධන්ට හූ කියලා


පිල්ලෙයාන් මරාගේ උණ ඇඟට අරන්!

දෙමළ ජාතික සන්ධානයේ 14 වන සංවත්සරයට යාපනයේ සිට පැමිණි බස්රථයකට පිල්ලෙයාන්ගේ මැරයන් විසින් පහර දී ඇතැයි වාර්තා වේ. අද මඩකලපුවේ ඌරනි හිදී පැවැති මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පෙරේදා ගිනිතබා විනාශ කෙරිණ.

අද සමුළුවට සහභාගී වීමට යාපනයේ සිට පැමිණි බසයට මෝටර් සයිකල් වලින් පොලූ සහ ගල් රැගෙන පැමිණි මැරයන් විසින් පහර එල්ල කර තිබේ. මෙම මැර පිරිස නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ගේ මැරයන් බව දෙමළ සන්ධානය චෝදනා කරයි.

මේ අතර අද පැවැති සමුළුවේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සමුළුව අමතද්දී කඩා වැදී ඇති පිරිසක් ඔහුගේ කතාවට බාධා පමුණුවා තිබේ. මෙම කණ්ඩායමද මෙහෙයවා ඇත්තේ පිල්ලෙයාන් විසින් බව චෝදනා කෙරෙති.

නැගෙනහිර පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බවට ආරංචි පැතිර යත්ම පිල්ලෙයාන් මරාගේ චන්ඩි උණ ඇඟට ගෙන තිඛෙන බව පෙනෙන්නට තිබේ. ඊයේ කාත්තන්කුඩියේ විවෘත කරන්නට ගිය මුස්ලිම් කොන්ග්‍රසයේ කාර්යාලයක් ද ගිනි තැබිණ.

සේයාරුවේ දැක්වෙන්නේ ප්‍රහාරයට ලක්වූ බස් රියයි.