Pages

Thursday, May 17, 2012

රූපවාහිනිය නඩු දමයි- සිරසට ඔලිම්පික් වාරණයක්


ජාතික රූපවාහිනිය හැර මෙරට වෙනත් නාලිකාවකට ලන්ඩන් ඔලිම්පික් විකාශන අයිතිය පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද නිකුත් කළා.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ලබාගන තිබූ අතර පසුව එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනයද එම අයිතිය ලබාගත්තා.

චැම්පියන් නෙට්වර්ක් නමින් හදුන්වන එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනවලට ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙරට විකාශය කිරිමේ අයිතිය හිමිව ඇති බව දෙස් විදෙස් මාධ්‍යෙව්දීන්ට නිල වශයෙන් දැනුම් දුන් අතර ඔවුන්ගේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා හතක් මඟින් එය විකාශනය කිරීමට සැලසුම් කර තිබුණා.


එබැවින් පසුගිය දින කීපයේ රූපවාහිනී හා සිරස මාධ්‍ය ජාලය අතර තිබුනේ මත ගැටුමක්.

කෙසේ වුවද සිරස මාධ්‍යජාලය විසින් ඔලිම්පික් විකාශන අයිතිය ලබාගැනීම නිසා ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ගොනුකළ නඩුවක් සලකා බලමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේය.

මැයි 31 වැනිදා දක්වා බල පැවැත්වෙන මෙම වාරණ නියෝගය මඟින් වග උත්තර කරුවන් ලෙස ඒෂියා ෆැසිෆික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන් හි අධ්‍යක්‍ෂ ආචාර්ය ජවාඩ් මුටාගේ හා එහි කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජොන් බාටත් නම්කර ඇත.








Source: http://www.gossip9.com/2012/05/blog-post_8881.html#ixzz1v8jUoHmc