Pages

Thursday, May 17, 2012

ලලිත් වීරතුංග ඉන්දියාවට බැණ වැදුණේ ජනපති නියෝගයෙන් ?


Gota's War ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේදී විශේෂ දේශනයක් කරන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඉන්දියාවේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේ දී ත්‍රස්තවාදීන්ට ඉන්දීය 'රෝ' සංවිධානය ආධාර අනුබල දුන් බව ජනාධිපති ලේකම්වරයා පැහැදිලි කළේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එහි ඉදිරිපෙළ අසුන්ගෙන සිටිය දීමය.
ඉන්දියාව එසේ දැඩි ලෙස පහර දීම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නොසතුටට හේතු වී තිබේ. වීරතුංග මහතා කටයුතු කර ඇත්තේ රජයේ නිලධාරියකුගෙන් සීමාව ඉක්මවා යමින් බව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟද එම උත්සවය අවසන් වීමෙන් පසු පවසා තිබේ. මෙම උත්සවයේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා නොසලකා හැර තිබීම එම උත්සවය ආවරණය කළ මාධ්‍යවේදීන්ද කතා බහට ලක් වී තිබේ.
Source - lankanewsweb.com