Pages

Sunday, May 13, 2012

නිදන් වදුලූ හෙළි කරන පුරාවිද්‍යා ලොක්කෙක්


ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ආශි‍්‍රතව පවතින නිදන් වස්තු මංකොල්ලය පිටුපස පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවට රහස් පොලිසිය වෙත වාර්තා වී තිබේ.
දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා සතුව පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් වන සිතියම් හා භූ දර්ශන රාශියක් තිබෙන බවත්, ඔහු ඒවා දේශපාලනඥයින් කිහිපදෙනෙකුට හා පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකුට අති විශාල මුදලකට ලබාදී ඇති බවත් රහස් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටියද, මෙතෙක් එම අනුමැතිය ලැබී නැතැයි රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මෙම නිලධාරියාට ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකු වන ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේද රැකවරණ ලැබී ඇත.

Source - lankanewsweb.com