Pages

Saturday, May 26, 2012

මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ


ශ්‍රී ලංකාවේ චීන තානාපති යැන්ග් ක්ෂුයිං මහත්මිය සිය සේවාකාලය නිමවී පිටත්වයාමට පෙර පසුගියදා අගමැතිතුමා හමුවීමට පැමිණියා.

මේ හමුව සඳහා අග්‍රාමාත්‍ය නිල නිවාසයවූ විසුම්පායේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණ අතර රාත්‍රී බෝජන සංග්‍රහයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති දීර්ග ඇසුර පිළිබඳව සමීප කතාබහක් පැවතුනා. ඒ අතරේදී අගමැතිතුමා,

"අපි ආයේ මේ විදිහට මුණගැහෙයිද මන්දා. මොකද මට පැන්ෂන් යන්න කාලෙත් හරි වගෙයිනේ. ඒ වුනාට මම බය නැත්තේ මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ" යනුවෙන් පවසා තිබෙනවා.

එම කතාව අසා සිටියත් එය එතරම් ගනනකට නොගත් තානාපතිවරිය අසා තිබෙන්නේ "සර් හොඳ සනීපෙන් නේද? මොකද පසුගිය දවස් වල අසනීපෙන්නේ හිටියේ" යනුවෙනි.

එයින් අපහසුතාවයට පත්වූ අගමැතිවරයා "ආ මම මොනවද කිව්වේ" යනුවෙන් අසද්දී එතන සිටි ඔහුගේ පවුලේ අයගේ මුහුණු අඳුරු වී ගොස් තිබෙනවා








Source: http://www.gossip9.com/2012/05/blog-post_5391.html#ixzz1vxxQY13Y