Pages

Friday, May 25, 2012

පූගොඩ රත්තරන් හෑරීම තහනම්


කැළණි ගෙඟ් පූගොඩ මතුවී ඇති රත්‍රන් නිධිය හැරීම අද සිට ජනතාවට තහනම් කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. එහිදී මතුව ඇත්තේ සැබෑ රත්‍රන් බවත් එය කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක පැතිර පවතින බව දැනට සොයාගෙන ඇතිබවත් පවසන කාර්යාංශය එය අනාගතයේ දී විධිමත්ව බලපත්‍ර ක්‍රමයක් මගින් ප්‍රදේශයේ ජනතාවටම පවරන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරයි.

මෙහි හමුවූ රත්‍රන් කැරට් 24 රත්‍රන් බවද පැවසේ. ශ්‍රී ලංකාවෙන් රත්‍රන් හමුවූයේ පළමු වතාවට ය. මේ බව සොයා ගත්තේ ප්‍රදේශවාසී ජනතාව මිස භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය නොවේ. මාධ්‍ය විසින් කාර්යාංශයෙන් කළ වීමසීමෙන් පසු ඔවුන් එම ස්ථානයට ගියේද ඊයේ දිනයේදීය.