Pages
▼
ජනතාවට ඕනේ නම් මම දේශපාලනයට එනවා- මාලක සිල්වා
ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට තමාගේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට ව්‍යාපාර දියුණුකරගෙන සිටීම තමාගේ අරමුණ බවත් මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පෙරේදා පුවත්පතකට පවසා තිබුණා.
නමුත් තවත් පුවත්පතකට ඊයේ ඔහු පවසා තිබෙනේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් තමා දේශපාලනයට පිවිසෙන බවයි.
ව්‍යාපාර කටයුතු හා සමාජ සුබසාධන සේවා වෙනුවෙන් තමා කාර්ය බහුල වුවත් තමාට දේශපාලනයට පැමිණීමට ජනතාව ප්‍රසිද්දියේ ඉල්ලීමක් කළොත් පියාගේ හා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ තමා දේශපාලනයට පිවිසෙන බවයි ඔහු පවසා ඇත්තේ.