Pages

Saturday, May 26, 2012

දුමින්ද සිල්වාගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක්


දැඩි සත්කාර ඒකකයේ!

සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර මේ වන විට ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.

පසුගියදා නුවරදී අසනීප වූ අගමැති දි.මු.ජයරත්න මහතා පසුව සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අගමැතිවරයා හමුවූ බවද වාර්තා වේ.