Pages

Friday, May 4, 2012

ජෙනරාල් තවදුරටත් සිරකිරීමේ වෑයමක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි ඔහුගේ අනුගාමිකයින් බලාපොරොත්තුව සිටියද ඔවුව තව තවත් හිර කිරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුවෙමින් පවතින බව වාර්තාවේ.
ඒ අනුව යුද හමුදා සෙබළුන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා ගත් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුවට කඩි මුඩියේ විභාගකර දඬුවම් පැමිණවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (4) දිනයේද එම නඩුව විභාගයට ගැනීමට නියමිතය.
ලෝවම පිළිගත් බන්ධනාගාර රීතියෙන් යටතේ යුද හමුදා අධිකරණය විසින් ජෙනරාල්වරයාට එරෙහිව ලබා දී තිබූ මාස 30ක සිර දඬුවම පසුගිය අප්‍රේල් 26වනදා අවසන් විය. එහෙත් බන්ධනාගාර කොමසාරිස්වරයා එය නොතකා හැර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු නියෝගයකට අනුවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ යුද අධිකරණය යටතේ හෝ සිවිල් අධිකරණය යටතේ බන්ධනාගාර ගත කරන සියලූ සිරකරුවන්ගේ සිරගත දින ගණන මෙතෙක් ගණන කරනු ලැබුවේ මාස 8යි දවස් 10ක් වසරක් ලෙසටය. ඒ අනුව ඕනෑම සිරකරුවෙකුගේ zලොකට්Z හි දිනපතා ඔහුගේ සිරදඬුවම් කාලය කපා හරින බවත් ඒ අනුව ජෙනරාල්වරයාගේ සිරදඬුවම 26වනදා අවසන් වීමට නියමිතව තිබූ බවත් එහෙත් ඉහළින් ආ නියෝගයක් මත ජෙනරාල්වරයාගේ සිර දඬුවම ලබන මාර්තු දක්වා දික්කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
යුද අධිකරණයද ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සිවිල් අධිකරණයන් හා සමාන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබියදී සිදු වී ඇති මෙම අසාධාරණයට එරෙහිව අධිකරණය වෙත යෑමට ජෙනරාල්ට හිතවත් නීතීඥයින් පිරිසක් කටයුතු කරමින් සිටී.

Source - lankanewsweb.com