Pages

Wednesday, May 23, 2012

පූගොඩින් රත්තරන් ඉල්ලමක් මතුවෙලා


පවුමක් රු. 54000ක මිලට

කැළණි ගෙඟ් පූගොඩ සිට කුමාරිමුල්ල ප්‍රදේශය දක්වා ප්‍රදේශයෙන් රත්තරන් මතු වී තිබේ. මෙය ආරම්භ වී දැන් දින 10 ක් පමණ වන බව පැවසේ. ශ්‍රී ලංකාවේ රත්තරන් ඉල්ලමක් මෙසේ හමුවී ඇත්තේ ප්‍රථම වතාවට ය.

සිව් දෙනෙක් එක් වී දිනක් තිස්සේ මහන්සි ගරා ගන්නා ප්‍රමාණයෙන් රත්තරන් පවුමක් පමණ ලබා ගත හැකි බව ප්‍රදේශ වාසීහු පවසති. මේ වන විට ගැහැණු පිරිමි දහසක් පමණ එක් රොක් වී රත්තරන් ගරන බවත් මෙම පිරිස් එකතු කරගන්නා රත්තරන් මිශ්‍ර පාෂාන කොටස් රත්‍රන් වෙළෙඳුන් පැමිණ මිලදී ගන්නා බවත් පූගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර අජිත් මහතා පවසයි.

රත්‍රන් වෙළෙඳුන් කිසියම් රසායනික ද්‍රවයක් යොදා පාෂාන කොටස් වලින් පිරිසිදු රත්‍රන් වෙන්කර ගන්නා බවත් එසේ ලබා ගන්නා රත්‍රන් පවුමක් රුපියල් 54000 කට මිලදී ගන්නා බවත්, මන්ත්‍රීවරයා පවසයි. මෙම පූගොඩ රත්තරන් හොඳම රත්තරන් බව වෙළෙඳුන් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් පතල් හා කැණීම් කාර්යාංශය හෙට සොයා බැලීමක් කරන බව පවසයි.