Pages

Sunday, May 27, 2012

නාසයක් සපා කා සැඟව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පොලීසිය සොයයි

කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටලයකදී 41 හැවිරිදි ව්‍යාපාරිකුට පහර දී නාසයද සපා කා බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිස් නිවේදනයක දැක්වේ.

තුවාල ලක් ව්‍යාපාරිකයා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ පිලිබඳ පරීක‍ෂණ කොල්ලූපිටිය පොලීසිය විසින් පවත්වයි.