Pages

Saturday, May 5, 2012

කොටස් ජාවාරමෙන් NSB පාඩුව කෝටි 15යි


ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කර සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටස් මිලදී ගැනීමනිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එක් දිනක් තුළ අවම වශයෙන් රුපියල් පහළොස් කෝටි විසිඅට ලක්ෂ හැටතුන්දහස් හත්සිය පනස්හතක (152863757.00) අලාභයක් විදින්නට සිදු වී තිබේ.



කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ඉකුත් 26වන බ්‍රහස්පතින්දා රුපියල් 30.30 බැගින් අලෙවි වූ 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටසක් රුපියල් 49.74 බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකු මිල දී ගෙන ඇත. මෙම මිල දී ගැනීමෙන් අනතුරුව 27වනදා එම කොටසක වටිනාකම රුපියල් 32 දක්වා පහත වැටීම හේතුකොටගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මේ අලාභය විදින්නට සිදු වී තිබේ.
පසුගිය 26වනදා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් 7863362ක් (කොටස් හැත්තෑඅට ලක්ෂ හැටතුන්දහස් තුන්සිය හැටදෙකක්) මිලදී ගෙන ඇත. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගෙන ඇත්තේ ඩිනාල් ජී. විෙජ්මාන් සහ රේනෝද සිල්වාට අයත් කොටස්ය. රේනෝද සිල්වා යනු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරාය. බැංකුව විසින් මෙසේ මිල දී ගෙන ඇත්තේ 'ද ෆිනෑන්ස්' සමාගමේ මුළු කොටස් ප්‍රමාණය 13.2% ප්‍රමණයකි.
මෙම මිලදී ගැනීමෙන් පසුව ඉතිරිකිරීමේ බැංකුව සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 'ද ෆිනෑන්ස්' සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි අර්ලි රෝසා සහ ඩිනාල් ජී. විෙජ්මාන පත් කරගෙන ඇත. මෙම මිලදී ගැනීමෙන් පසුව එක් දිනක් තුළදී රුපියල් කෝටි පහළවකට අධික අලාභයක් අත්පත් කර ගැනීම පිළිබඳව එහි 3500ක් පමණ වන සේවකයෝ දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටී.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගියදා සිය 40වන සංවත්සරය සැමරුවද කාර්ය මණ්ඩලයට කිසිදු ප්‍රසාද දීමනාවක් හෝ නොගෙවා මෙසේ විශාල ධනස් කන්දය අපතේ හැරීම ගැන එහි සේවකයෝ විරෝධය පළ කර සිටිති.

Source - lankanewsweb.com