Pages

Saturday, June 16, 2012

දියවඩන නිලමේට මිලියන 250ක් වන්දි ලැබෙයි!


2010 දී ධර්ම විජය පදනමේ පුවත්පත් සාකච්ඡාවක දී රන් ආලේපිත බුදු පිළිම 25 ක් අතුරුදන් කළා යයි ප්‍රචාරයක් ගෙන යාමෙන් අපහාස සිදු කිරීමේ වරදට වන්දි ඉල්ලා සිටි මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් මිලියන 250 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කොට ඇත.


මෙම පුවත්පත් සාකච්චාව පිලිබඳ වැඩි දුර විස්තර පලකොට තිබුනේ දිවයින පුවත්පතේ වූ අතර ඔවුන්ද වග උත්තරකරුවෙක් ලෙස නම්කොට තිබුනත් ඔවුන් නඩුව ආරම්භයේදීම වරද පිළිගනිම හේතුවෙන් නිදහස්කොට තිබුනා.

ජාතික ධනය සුරැකිමේ සංවිධානයේ සිරිශාන්ත විජය, සුමංගල හිමි හා බුද්ධික ඩයස් උෂාන් හට මෙම 
මිලියන 250 ක මුදල ගෙවීමට නියෝග කර තිබෙනවා.


මෙයට අමතරව 2011 වසරේ පිහිටුවා ගත් "සුරකිමු දළදා" නම් සංවිධානයකින් දියවඩන නිලමේ හට දුෂණ ලැයිස්තුවක් ඉදිරිපත්කර තිබෙන අතර ඒවා තවමත් විභාග වෙමින් පවතිනවා.












Source: http://www.gossip9.com/2012/06/blog-post_8962.html#ixzz1xtQWuOoD