Pages

Wednesday, June 6, 2012

නවක වදය පිලිබඳ හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ


පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කල ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝවක් පිලිබඳ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම වීඩියෝව මගින් එම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි.

නමුත් එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති 
සුසරිත් මෙන්ඩිස් මහතා එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලය තුල යන කරුණ ප්‍රතික්ෂේපකොට ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම විඩියෝවෙහි සිටින ජේෂ්ඨ සිසුන් හදුනාගෙන විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට මේවන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

එම වීඩියෝව බලන්න පහතින් 









Source: http://www.gossip9.com/2012/06/blog-post_7087.html#ixzz1wxUDIHdj