Pages

Saturday, June 9, 2012

කොළඹට ෆෝමියුලා වන් ධාවන පථයක්


කොළොඹ වරාය ආශ්‍රිතව අක්කර 500 ක් ගොඩ කර එහි සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා විසින් පුවත්පතකට ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව වරාය අධිකාරිය විසින් ඉදිරියේදී හම්බන්තොට වාරයේ දෙවන අදියර මෙන්ම කොළොඹ වරාය ආශ්‍රිතව අක්කර 500 ක ඉඩකඩක් තුල අලුත් ව්‍යාපෘතියක් ආරම්භ ඉරීමට නියමිතය.

මෙම අක්කර 500 භුමිය තුල ෆෝමියුලා වන් ධාවන පථයක් මෙන්ම ගොල්ෆ් පිටියකුත් ඉදි කිරීමට නියමිතයි.
මෙම අක්කර 500  භුමිය ලබාගැනීමට නියමිත වන්නේ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතවයි.දැනට කොළොඹ වරායේ ධාරිතාවය ඉක්මවා ඇති බැවින් මෙම නව ව්‍යාපෘතිය දියත් කර ඇති බවත් ඒ තුල නවීන පන්නයේ සාප්පු සංකීර්ණ , හෝටල් ආදී ගොඩනැගිලිද ඉදි කරන බව සභාපතිවරයා පවසා තිබුණි.

මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2014 වසර වන විට අවසන් කිරීමට නියමිතයි .








Source: http://www.gossip9.com/2012/06/blog-post_5751.html#ixzz1xEsCP2jb