Pages

Tuesday, June 12, 2012

සනාගේ 'බලගතු' සුර අටක් අතුරුදහන්


පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ බලගතු සුර කිහිපයක් පසුගිය සතියේදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අතුරුදන්ව තිබේ. රනින් නිම වූ සුර අටක් එසේ අතුරුදන්ව ඇත.
ඉන්දියාවේ පැවැත්වෙන 'ජලක් ඩිලාක් ජා' නැටුම් සංදර්ශනය වෙනුවෙන් පෙර පුහුණුවක යෙදී සිටින අතරතුරදී ජයසූරිය මහතාගේ මෙම සුර කිසිවකු විසින් සොරකම් කර ඇත. ජයසූරිය මහතාට එදින නැටුම් පුහුණුව ලබා දී ඇත්තේ හිටුප කි්‍රකට් ක්‍රීඩකයකුවන අකලංක ගනේගම මහතාය.
ජයසූරිය මන්ත්‍රීවරයා නැටුම් පුහුණුවට පෙර තමාගේ ගෙලෙහි හා ඉනෙහි පැලද සිටි සුර සියල්ල එම ක්‍රීඩාංගනයේ සේප්පුවක තබා ඇත. පුහුණුවීමෙන් පසු සොයා බැලීමේදී එම සුර තිබූ ස්ථානයේ නොතිබූ බව ජයසූරිය මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන්ට පවසා තිබේ. ජයසූරිය මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමක් මත වහාම එම ස්ථානයට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩයාමක් පැමිණ ඇති නමුත්, සැකකටයුතු කිසිවකු හෝ අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.
ජයසූරිය මහතා 1994 වකවානුවේ සිට 'බලගතු' සුර තුනක්ද මෙහිදී සොරාගෙන තිබේ. එම සුර අතුරුදන්වීම පිළිබඳ ජයසූරිය මහතා දැඩි කම්පනයකින් පසුවන බව වාර්තාවේ.


Source - lankanewsweb.com