Pages

Tuesday, June 5, 2012

ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ

අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 
අද (05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

Photo: ප්‍රගීත් ගැන කී කතා නීතිපතිගෙන් හෙට ප්‍රශ්න කෙරේ: සහයෝගය දෙන්න අධිකරණයට එන්න---------------------

(ලංකා ඊ නිව්ස් -2012.ජුනි.04, ප.ව. 6.00) අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් ජිනීවාහිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට(05) හෝමාගම අධිකරණයේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත ය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් මාස 7 ක් පමණ කාලයක් තිස්සේ කරන ලද අරගලය හෙට සන්ධිස්ථානයට පැමිණෙනු ඇත. ඔහු ජිනීවාහිදී කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය හෙට ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කළ යුතුය. මෙයින් ගැලවීම සඳහා ඔහු අධිකරණය මග හැරීමට කළ උත්සාහය පසුගියදා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙළේය.

හෙට(05) හෝමාගම අධිකරණ භූමියට පැමිණ ප්‍රගීත් වෙනුවෙන් සහයෝගය දක්වන ලෙස මේ සම්බන්ධයෙන් උනන්දුවන්නන්ගෙන් 'ලංකා ඊ නිව්ස්' ඉල්ලා සිටී.
Source - http://www.facebook.com/lankaenews