Pages

Wednesday, June 13, 2012

නාරදට බයිසිකල් පොල්ලක්


ලෝක පරිසර දිනය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ නෙළුම් පොකුණ අසලදී විශේෂ පෑදී සවාරියක් පැවැත්වූ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.එම පාපැදි සවාරියට සහභාගී වීම සඳහා ටෙලි නාට්‍ය නිලියන් නිවේදකයන් මෙන්ම දේශපාලකයන්ද පැමිණි සිටි අයුරු දැක ගැනීමට ලැබුනා.

කෙසේ නමුත් මෙම වැඩසටහනට ආරාධනා ලැබූ ජනප්‍රිය නිවේදක නාරද බක්මීවැව ට එහිදී පැදීමට පාපැදියක් නොලැබුන බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට පාපැදි සවාරිය ලැබුන දිනයේ සිට නාරද හෝමාගම සිටි ඔහුගේ මහගෙදරට ගිය නාරද පරණ පාපැදියක් සොයාගෙන පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් කර ඇති අතර එදින උදෑසනද ශක්තිජනක ආහාර ලබාගෙන පාපැදි සවාරියට පැමිණ ඇත.

පාපැදි සවාරිය ආරම්භ වීමට ප්‍රථම එහි පැමිණි පිරිස් වෙත පාප්දී ලැබුනත් නාරද වෙත ලැබී ඇත්තේ මයික්‍රෆෝනයක්.ඒ එම අවස්ථාවේ නිවේදන කටයුතු මෙහෙයවීම සඳහායි.

කෙසේ නමුත් තමාට පාපැදියක් ලබානොදීම ගැන නාරද එහි සන්විධාකයන්ගෙන් ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන් ඒ පිළිබඳව කණගාටුව පලකොට ඇත.












Source: http://www.gossip9.com/2012/06/blog-post_5635.html#ixzz1xfqTtqre