Pages

Wednesday, June 20, 2012

ධම්මිකගේ කැසිනෝ වටලන ලෙස නියෝගයක් ?


ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා විසින් පවත්වා ගෙන යනු ලබන කැසිනෝ ශාලාවක් පරික්‍ෂා කරන ලෙස මුදල් අමාත්‍යංශය විසින් සුරාබදු කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබේ.
කැසිනෝ සූදුවට පැමිණෙන අයට සංග‍්‍රහ කිරීම සඳහා ලබාදෙන විදේශ මත්පැන් තීරුබදු රහිතව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වා ඇති බවටත්, එම මත්පැන්වලට කිසියම් ද්‍රව්‍යයක් කලවම් කර ඇති බවටත් ලැබී ඇති පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කිරීමට මුදල් අමාත්‍යංශය නියෝග කර තිබේ.
කැසිනෝ ධම්මික මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එරෙහිව පසුගිය කාලය පුරා දැවැන්ත මාධ්‍ය මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ අයෙකි.



Source - lankanewsweb.com