Pages

Friday, June 8, 2012

කිලෝ මීටරයක් කෝටි අටයි


ආණ්ඩුව වාණිජ බැංකුවලින් ණය ලබාගෙන මහාමාර්ග ඉදිකිරීම් ආරම්භ කර ඇත. මේ වනවිට රජයට අයත් ලංකා බැංකුවෙන් කෝටි 210 ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එමෙන්ම, පෞද්ගලික අංශයේ වාණිජ බැංකුවල කොමර්ෂල් බැංකුව හා ඞී.එෆ්.සී.සී. යන බැංකුවලින් මේ සඳහා රුපියල් කෝටි 198 ක ණයක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
ලංකා බැංකුවෙන් ලබා ගන්නා ණය මුදල් යොදවා කැස්බෑව, කිඳෙල්පිටිය, බණ්ඩාරගම මාර්ගයේ කිලෝමීටර් 11.78 ක් ද, වස්කඩුව - බණ්ඩාරගම මාර්ගයේ කිලෝමීටර් 12.07 ක්ද සෑදීමට නියමිතය. මේ අනුව එක් කිලෝමීටරයක් ඉදි කිරීම වෙනුවෙන් රුපියල් අට කෝටි හැත්තෑ හය ලක්‍ෂ පනස්පන්දාහස් එකසිය විසිහයක් (87,685,126) වැය වේ.
එමෙන්ම, කොමර්ෂල් හා ඞී.එෆ්.සී.සී. බැංකුවලින් ලබා ගන්නා ණය මුදල්වලින් මාතර - හක්මන මාර්ගයේ කිලෝමීටර් 24.14 ක් සෑදීමට නියමිතය. මෙම මාර්ගයේ කිලෝමීටරයක් සෑදීමට දළ වශයෙන් රුපියල් කෝටි 08 ක් (82,000,000) වැය වේ.
මහාමාර්ග ඉදිකිරීමට වැය කරන මුදල්වලින් ඍජු ආදායම් ලැබෙන්නේ නැත. එමෙන්ම, මෙම වාණිජ ණය සඳහා ඉහළ පොලී අනුපාතිකයක් ගෙවීමට සිදුවේ. ආණ්ඩුව මේ වනවිටත් වාණිජ බැංකුවල ණය දී දැඩි සීමාවකට ලක් කර ඇත. එසේ තිබියදී වාණිජ බැංකුවලින් ආණ්ඩුව මෙසේ විශාල වශයෙන් ණය ගැනීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට ණය ගැනීමේ හැකියාව තවදුරටත් සීමා වේ.
ආණ්ඩුවේ මාර්ග ඉදිරිකිරීම් ව්‍යාපෘති හරහා රාජපක්‍ෂ පවුලට 30% ක කොමිස් මුදලක් ලබාදීමට සිදුවී ඇති හෙයින් මාර්ග ඉදිකිරීම් සඳහා විශාල මුදලක් වැය වන බව ඉදිකිරීම් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
- ලංකා


Source - lankanewsweb.com