Pages

Sunday, June 10, 2012

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිස්සියකට රතු හමුදාව එවන්න සූදානම්

චීනයෙන් පොරොන්දුවක්!

ශ්‍රී ලංකාවේ ඕනෑම හදිසි අවස්ථාවකදී චීන රතු හමුදාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව චීන ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් ලිසාන් ගුවාන්ග්ලි මහතා පොරොන්දු වී තිබේ. 

චීන ආරක්ෂක ඇමැතිවරයා මෙම පොරොන්දුව දී ඇත්තේ ඊයේ චීන රතු හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙතය. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මේ වන විට චීනයේ සංචාරයක යෙදේ.