Pages

Thursday, June 28, 2012

කෝපි කඩේ දයාවතීගේ නඩුව ජුලි මාසයේ


කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන "දයාවතිගේ" චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි පෞද්ගලික කළමණාවරියකගෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන වංචා කලයි යන සිදුවීමක් මත සැකකාර ටෙලි නිළිය සම්බන්ධ නඩුව ලබන ජුලි මස 09 වනදා කැඳවීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කොට ඇත.


මුල්ලේරියාවේ පදිංචි සුසිලා කෝට්ටේගේ සහ දෙහිව ඩබ්.එම් අමිල මෙන්ඩිස් මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෝ වෙති.අමිල මෙන්ඩිස් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කොට ඇත.

පැමිණිලිකාර සකුන්තලා ගෝමස් නිළියගේ ලගම හිතවතෙකු වන අතර ටෙලි නිළියගේ මුදල් අවශ්‍යතාවය සනදහා ඇය මුදල් ලබා දී ඇත්තේ රන් බඩු උකස් තැබීමෙනි.
නැවත මුදල් ඉල්ලීමේදී ටෙලි නිළිය විසින් වසා දැමු බැංකු ගිනුමක චෙක් පතක් ලබාදී ඇත.














Source: http://www.gossip9.com/2012/06/blog-post_28.html#ixzz1z5OnTpGj