Pages

Tuesday, June 5, 2012

තිලංගට එරෙහිව 'ගෝඨාගේ යුද්ධය' ඇරඹේ


බැසිල් රාජපක්ෂ මහතා අනාගත රාජ්‍ය නායකයා කිරීමෙන් දේශපාලන මෙහෙයුමේ පෙර ගමන්කරුවෙකුව සිටින සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට එරෙහිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ 'පියර් ත්‍රී' කරෝකී රාත්‍රී සමාජ ශාලාව වටලා එහි සිටි පිරිසක් පොලිසිය ලවා අත් අඩංගුවට ගැනීම එම දේශපාලන මෙහෙයුමේ ආරම්භය වේ. පොලිසිය විසින් එසේ වැටලූ මෙම සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාව ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමි බාගයක පවත්වාගෙන යයි. එහි කරෝකී ශාලාව බේරේ වැව තුළ රඳවා තිඛෙන විශාල යාත්‍රාවක් තුළ ක්‍රියාත්මක වේ.
තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඔහුට හිතවත් ව්‍යාපාරිකයකු හරහා මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන යන අතර පොලිසිය විසින් එය වටලා ඇත්තේ එහි ගණිකාවන් සිටින බවට චෝදනා කරමිනි.
සිංහල බෞද්ධ සංවිධානවල ප්‍රධාන පෙළේ සාමාජිකයින්ගේ සුමතිපාල පවුල, රේස් බුකි ව්‍යාපාරයට අමතරව ගණිකා වෘත්තීයේද පවත්වාගෙන යන බව සමාජ ගත කිරීම ආරක්ෂක ලේකම්වරයාගේ මෙම මෙහෙයුමේ මූලික අරමුණ වී තිබේ.
අප වෙත වාර්තා වෙන පරිදි ඉදිරියේදී තිලංග සුමතිපාල මහතාට එරෙහිව තවත් මෙහෙයුම් කීපයක්ද ආරක්ෂක ලේකම්වරයා විසින් සැලසුම් කර ඇත.



Source - lankanewsweb.com