Pages

Saturday, June 23, 2012

කටුවන ද්විත්ව ඝාතනයේ මූලික පරීක‍ෂණය


ඊයේ (22) දින ඉදිරිපත් වූ සාක‍ෂි මෙන්ම 2012.06.16 දින ඩබ්ලිව් සේරසිංහ මහතා විසින් සිදුකළ ස්ථානීය සටහන් සහ වෛද්‍ය සී.
අබේසූරිය මහතා විසින් ඉදිරිපත් කොට ඇති අංක 109/12 සහ 110/12 යන මූලික පශ්චාත් මරණ පරීක‍ෂණ වාර්තා සැලකිල්ලට ගනිමි. ඒ අනුව ඉදිරිමාන්නගේ මාලනී සහ ජයසේකර පතිරැන්නැහලාගේ නිමන්ත හේෂාන් යන අයවලූන්ගේ මරණයන් ගිනි අවියකින් තබන ලද වෙඩි පහරක් හේතුවෙන් පපුව ප්‍රදේශයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට තීරණය කරමි.
ඉදිරිපත් වූ සාක‍ෂි අනුව එම මරණ සම්බන්ධව අපරාධමය ස්වභාවයක් පවතින බැවින් ඒ සම්බන්ධව විධිමත් පූර්ණ පරීක‍ෂණයක් සිදුකොට අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයට සහ කටුවන පොලිස් ස්ථානාධිපති, තංගල්ල පොලිස් අධිකාරිවරයාට නියෝග කරමි. ඒ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් 2012.07.06. දින ඉදිරිපත් කරන්න.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැති මෙම පරීක‍ෂණය සාලිය චන්න අබේරත්න විනිසුරුවරයා ඉදිරියේ විභාග වූ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ ලාල් කුමාරපේලි යන මහත්වරුන් පෙනී සිටියහ.



Source - lankanewsweb.com