Pages

Friday, June 8, 2012

හමුදාවට කන්න දුන්නු අයට පොලූ තියලා!


ආරක්‍ෂක හමුදාවන් සඳහා ආහාර සැපයීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 25,000 කට අධික මුදලක් මෙතෙක් ලැබී නැතැයි ආහාර සැපයුම්කරුවෝ පවසති. ආහාර සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී දින 15 කට වරක් අදාළ ගෙවීම් කරන බවට ලිඛිතව පොරොන්දු වී ඇතත්,
2010 වසරේ අවසන් කාර්තුවේ සිට අදාළ ගෙවීම් නියමිත පරිදි සිදු කර නොමැත.
යුද නාවික හා ගුවන් හමුදා කඳවුරු සඳහා ප‍්‍රධාන පෙළේ සැපයුම්කරුවන් 10 දෙනෙකු ලියාපදිංචිව ඇති අතර, ඔවුන් අතරේ තවත් සැපයුම්කරුවෝ 200 කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති.
යුද හමුදාව සඳහා ආහාර සැපයීම වෙනුවෙන් මාස 06 ක මුදල්ද, නාවික හමුදාව වෙනුවෙන් ආහාර සැපයීමේදී මාස 09 ක මුදල්ද සැපයුම්කරුවන්ට මෙතෙක් ලබාදී නොමැත.
ආරක්‍ෂක අමාත්‍යංශය හරහා අදාළ මුදල් ලබාදීම කළ යුත්තේ මහා භාණ්ඩාගාරය විසිනි. අදාළ මුදල් කඩිනමින් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම් පි.බී. ජයසුන්දර සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාපජක්‍ෂ යන අයගෙන් අවස්ථා ගණනාවකදීම ලිඛිතවම ඉල්ලා ඇතත්, මේතාක් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබී නැති බව ආහාර සැපයුම්කරුවෝ කියති.
හිඟ මුදල් ලබාදීමට තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම්, හමුදාව සඳහා ආහාර සැපයීම නවතා දමන්නට සිදුවනු අතැයිද ඔවුන් වැඩිදුරටත් කියා සිටිති.


Source - lankanewsweb.com