Pages

Monday, July 9, 2012

ගල්විහාරයේ සැතපෙන පිළිමයේ දිවාකල නොදුටු ආශ්චර්යය


පොළොන්නරුව පුද බිමේ ගල් විහාරහි ඇති සැතපෙන බුදු පිළිමය ශ්‍රී ලංකා වාසීන්ට දැකගන්න ලැබෙනුයේ දහවල් කාලයේදීය. නමුත් දහවල් කාලයේදී වැටෙන ඉර එලිය හේතුවෙන් එහි ඇති සැබෑ නිර්මාන්ත්මක කෞශල්‍යය නොපෙනන බව කිර්ති අමරසේකර මහතා පසක් කොට ඇත්තේ ඔහු විසින් ගන්න ලද ජායාරුපයකිනි 

ඒ මහතා කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සංවිධානය කල රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌අතරතුර ගත් ජයාරුපයකින් දිවා කාලයේ හා රාත්‍රී කාලයේ පිළිමය දර්ශනය වන ආකාරය පහතින් බලන්න 


රාත්‍රී කාලයේ පෙනෙන අයුරු

ජායාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ අදහස 
"මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති. 

ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.

මේ ඡායාරූප ගන්නත් අපි විශේෂ අවසරයක්‌ ලබාගත්තා. මොකද පුරාවිද්‍යා භූමියට රාත්‍රී ඇතුළුවීම තහනම් නිසා"












Source: http://www.gossip9.com/2012/07/blog-post_08.html#ixzz2043He1lI