Pages

Sunday, July 22, 2012

‍ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !


පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


මෙහිදී ක්‍රියාත්මක වූ එම ආයතනයේ හිමිකරු එම කාන්තාව ඇදුම් මාරු කරන අතරතුර එම කුටියේ රහසිගතව සවිකර තිබු CCTV කැමරාවකින් 
ඇයගේ නිරුවත් ජයාරූප ගෙන ඇත.රෙදි පිලි වෙලදසලේ හිමිකරුවා එතනින් නතර වන්නේ නැත.එම කාන්තාවගේ නිරුවත් ජායාරුප ඇයට පෙන්වා ඇයව අපකීර්තියට පත්කරන බව පවසා ඇයව දුෂණය කර ඇත.

එයින් නොනැවතුන ඔහු තම හිතවතෙකුටද එම කාන්තාව ලබාදී ඇත.විවාහක කාන්තාවක් වන ඇය තමාට හදිසියේ වූ මෙම අප්‍රසන්න තිරිසන් ක්‍රියාවෙන් පසු මානසිකව අද වැටි ඇති අතර නිතර එම සිදුවීමෙන් පිඩා විඳ ඇත.

එම කාන්තාවගේ සහෝදරයා තම සොහොයුරියගේ මෙම වෙනස දැක එයට හේතුව විමසා ඇත.මුලින් ඇය කීමට මැලි වුවත් සහෝදරයාගේ බලකිරීම මත ඇය එම සිදුවීම වමාරා ඇත.එම සිදුවීම ඇසීමෙන් කෝපයට පත් ඇගේ සොහොයුරා සිය මිතුරෙකු සමග ගොස් එම ව්‍යාපාරිකයා වෙලදසල තුලදීම කපාකොටා ඝාතනය කර ඇත.

පොලිසිය මේ වනවිට එම කාන්තාවට අතවර කල අනෙක් පුද්ගලයා සොයමින් පවතී.














Source: http://www.gossip9.com/2012/07/blog-post_21.html#ixzz21HlFZx7L