Pages

Friday, July 13, 2012

දියණියට අතවර කළ බාප්පා අත්අඩංගුවට

අකුරැස්ස මලිදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවකට නිවස තුළදීම තම බාප්පා විසින් තර්ජනය කොට දූෂණය කොට තිබී 02 දා පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පෙදරේරුවෙක් ලෙස කටයුතු කරන අතර දැරියගේ බාප්පා කෙනෙකු ද වේ. පාසල් ගොස් නිවසට පැමිණි විට නිවස තුළදීම ඇයට තර්ජනය කොට මෙයට මාස දෙකකට පමණ පෙර මෙම අපරාධය සිදුකොට ඇත. දැරිය මේ බව කිසිවෙකුටත් නොපවසා ඇති අතර ඇ‍යට බඩේ කැක්කුමක් ඇති වී කඹුරුපිටිය ඇදපාත රෝහලට ගිය විට මේ බව අනාවරණය වී ඇත. දැරිය රෝහල්ගත කොට ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.