Pages

Thursday, July 5, 2012

දැරිය දූෂණය කල අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට


බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට සැක කරුවකු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් නැමැත්තා පසුගියදා මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 14 ක දැරියක්. පසුගිය මස 23 දිනත් 30 දිනත් අතර දී පැහරගෙන ගොස් මාතර අකුරැස්ස ප්‍රදේශයේ ලැගුම් හලකදී මෙම දැරියව දූෂණය කර ඇති බවට මාතර විශේෂ පොලිස් කණ්ඩායම විසින් සොයාගෙන තිබෙනවා.

දැරියගේ ප්‍රකාශයක් අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.



මීට පෙර පූජාපිටිය ප්‍රදේශයෙන් ද මෙවැනිම තොරතුරක් වාර්තා උනා. ඒ පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු හා ත‍්‍රීරෝද රථ රියදුරෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව රාත‍්‍රියක් පුරා අතවර කිරීමේ සිද්ධියයි.

එම දහඅට හැවිරිදි තරුණියක්ව දූෂණය කිරීමේ වරදට සැකකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයා සහ ත්‍රීරෝද රථ රියදුරකු වන චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි අත් අඩංගුවට ගැනුනා.

එම තරුණිය ඉකුත් මාර්තු මස 19 වැනිදා පස්වරුවේ පැහැරගෙන එම ප‍්‍රදේශයේම සැකකාර මන්ත‍්‍රීවරයාට අයත් කැප්පෙටිපොල ප‍්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් අතවර කර ඇති බවටයි ඔවුන් චෝදනා ලැබ සිටින්නේ.
















Source: http://www.gossip9.com/2012/07/blog-post_2540.html#ixzz1zgeNATxB