Pages

Friday, August 31, 2012

උදාරිගේ පුංචි දියණිය "ෂෙනර්යා"


බොඳ මිදුම් ටෙලි නාට්‍යය මගින් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය පසුගිය දිනවල සියලු රුගත කිරීම්වලින් බැහැරව සිංගප්පුරුව බලා ගොස්සිටියේ සිය කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන්.

මෙයට මාස කිහිපයකට ප්‍රථම ඇගේ දරු ප්‍රසුතිය සිංගප්පුරුවේදී සිදු කෙරුණා අතර පසුගියදා ඇය සිය දියණියද කැටුව නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

උදාරි හා ඇගේ සැමියා වන සුජිත් ඔවුන්ගේ කුලුදුල් දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි යනුවෙනි. 

ෂෙනර්යා යන්නෙන් අදහස් වන්නේ දෙවිවරුන්ගේ රැජන බවත් උමෙයිලි යනු උතුම් වූ මවක් වන කාන්තාවක් බවත් උදාරි පැහැදිලි කර සිටිනවා.

ෂෙනර්යගේ පැමිණීමෙන් පසු රංගනයට තිත නොතබන බවත් ඇගේ සියලු වැඩකටයුතු සොයාබලන අතරේ රංගනයට නැවත යොමුවන බවද උදාරි ප්‍රකාශකොට සිටිනවා.

තවදුරටත් ඇය කියා තිබුනේ ෂෙනර්යා සතුව ඇත්තේ සිය සැමියාගේ සුජිත්ගේ ගති ලක්ෂණ සියල්ලක් බවත් තමාගේ ලක්ෂන් කිසිවක් නොමැති බවයි.

උදාරි හා දියණියගේ ජායාරුප බලන්න පහතින් 

 






Source: http://www.gossip9.com/2012/08/blog-post_30.html#ixzz253Azwj41