Pages
▼
යක්කල මුල්ල වත්තක මහ දවල් කොල්ලයක්
යක්කලමුල්ල දේවගිරි වතුයායේ සේවක මණ්ඩල වැටුප් සඳහා රැගෙන විත් තිබූ රුපියල් දශලක්‍ෂයක මුදලක් පෙරේදා (10) එම වතුයායේ සේවක වැටුප් ගෙවමින් සිටියදී ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබේ. කොල්ලය සිදුවූ අවස්ථාවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් වැටුප් ලබාගැනීමට පැමිණි අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
යතුරු පැදියකින් වතු යායට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු මෙසේ කොල්ලය සිදුකර ඇති අතර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස්ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ යක්කල මුල්ල පොලිස්සිය වැඩිදුර පරීක්ෂණ අරබා තිබේ.
කමල් විජේහේවා
Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1155:2012-08-10-11-52-38&catid=1:2012-05-31-04-03-50&Itemid=71