Pages

Monday, September 10, 2012

මහියංගනය මාර්ගයේ දර්පන වලට ගල්ගැසූවෝ කවරහුද?


ලංකාවේ වැඩිම අවදානමක් සහිත මාර්ග දෙකෙන් එකක් වන A-26 නුවර මහියංගනය පදියතලා මාර්ගය මීට මාස කිහිපයකට කලින් මොරගහවෙල සිට මහියංගනය දක්වා පුළුල් කර කාපට් අතුරන ලදි

එම මාර්ගය පිළියම් කළද අවදානම් සහිත වැලමිටි වංගු සහිත ස්ථාන වල ඉදිරිය දකින දර්පන (Convex mirrors) සවිකරන ලදි.

මෙම දර්පන සවිකිරීමේදී විශේෂ තාක්ෂණයක් යොදාගන තිබෙන අතර රාත්‍රියේදී ඉදිරියෙන් පැමිනෙන වාහන වල ලාම්පුවේ ආලෝකය පරාවර්තනය නොවන පරිදි හා එම දර්පන රාත්‍රී කාලයේදී හඳුනාගත හැකිවන පරිදි විශේෂ ස්ටිකරයක්ද අලවා ඇත.
අපේ රටේ පහත් මානසිකත්වයක් ඇති අඥාන පුද්ගලයින් විසින් බොහෝ දර්පන වල ස්ටිකර් ගලවා ඇති ආකාරය සිත්වේදනා ගෙනදේ.

මාර්ගය විවෘත කර මාස 6ක් යන්නටත් මත්තෙන් එම කණ්නාඩි වලට ගල් ගසා ස්ටිකර් ගලවා කර ඇති මෙම නොහොබිනා කාර්යය ගැන ලාංකිකයන් වශයෙන් අප ලැජ්ජා විය යුතුය.









Source: http://www.gossip9.com/2012/09/blog-post_1313.html#ixzz264NICrgj