Pages

Saturday, October 6, 2012

බණ්ඩාරිගොඩගේ වම්බටු මාලෙට අනර්කලීට යකා නගී


වම්බොටු මාලය සභාවේ ආරක්ෂාවට තර්ජනයක් - අනර්කලී

දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභා විපක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා වම්බොටු වලින් සදු මාලයක් දමාගෙන සභාගර්භයට පැමිණීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.

බණ්ඩාරිගොඩ මහතා වම්බොටු මාලය පැළඳ සභාවට පිවිස ඇත්තේ "කිලෝවක් අසුවයි" කියමිනි.

මෙම සිදුවීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා නැගිට ප්‍රකාශකොට ඇත්තේ බාහිරින් ද්‍රව්‍යය ගෙන එම සභාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම මාලය ඉවත්කරගන්නා ලෙසය.

මෙම මාලය පැළඳ ඒමත් සමග වඩාත් කෝපයට පත්වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාය. වෙනදාට සභාවේ වැඩි කතාවක් නැති අනර්කලී ඊයේ දිනයේ නැගිට වම්බටු මාලයට මෙසේ විරෝධය පලකොට ඇත

අනර්කලීජේෂ්ඨ මන්ත්‍රීවරු උනාම සභාවට ආදර්ශමත් විය යුතුයි.අපි කවදාවත් සභාවේ ආරක්ෂවාට තර්ජනයක් වෙන දේවල් කරලා නැහැ.

බණ්ඩාරිගොඩඔයාට ඕනද මේ මාලේ? අපි මාස තුනකට සැරයක් මෙතනට ඇවිත් පිං පඩි ගන්නේ නැහැ.

චන්දන ප්‍රියන්ත (එජාප) ඉඳලා ඉඳලා මන්ත්‍රී තුමියට කතාකරන්න මතක් උනේ වම්බටු දැක්කමමනේ.









Source: http://www.gossip9.com/2012/10/blog-post_9348.html#ixzz28REuC4yg