Pages

Monday, October 8, 2012

අධ්‍යාපන ඇමති ගෙදර පල කිව්වට මම යන්නේ නෑ


මෙරට නිදහස් අධ්‍යාපනයට සේවයක් කිරීම සඳහා සකස් කර ඇති සියළු අධ්‍යාපන සැලසුම් නිසි ලෙස සම්පූර්ණ කර ඉටුකර දෙන තෙක් "අධ්‍යාපන ඇමති ගෙදර පල" කියලා කවුරු කිව්වත් කිව්වත් තමා ගෙදර නොයන බව අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන පසුගියදා පවසා තිබුණා.

ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී පැවති උත්සවයකදීය.

සමහරු මේ දවස් වල අපේ ගෙදර ලඟ තාප්පෙ පෝස්ටර් ගහලා තියනවා "අධ්‍යාපන ඇමති වහාම ගෙදර පල" කියලා. මම හිතන්නේ මේක අපේ ගෙදරින් ක්‍රියාත්මක කරන කුමණ්ත්‍රණයක් කියලා. මොකද මම හැමදාම පාන්දරින් ගෙදරින් ඇවිත් ගොඩක් රෑ වෙලයි ගෙදර යන්නේ.

මේ නිසා මාව ඉක්මනින් ගෙදර ගෙන්නගන්න අපේ ගෙදර කට්ටියගේ උදව් ඇතුව තමයි මේ අය තාප්ප වල මෙහෙම ලියන්න ඇත්තේ.

තාප්ප වල ගෙදර පල කියලා ලිව්වට මම යන්නේ නෑ. මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරැකීමට සේවයක් ඉෂ්ඨ කර පාසැල් දස දහසක් රට තුළ පිහිටවන තෙක් මම ගෙදර යන්නේ නෑ.









Source: http://www.gossip9.com/2012/10/blog-post_1223.html#ixzz28h8BNVIr