Pages

Saturday, October 20, 2012

ලඟදී මගේ මොකුත් ටීවි එකේ ගියේ නැති නිසා කවි පද අමතක කලේ හිතලමයි.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබූ පුවතක් අප මීට පෙර ගෙන ආවා.

"අපිට තාම මතකයි පුංචි කාලේ කියලා දීපු කවි" යනුවෙන් මතක ඇති කවිය පටන්ගත්තද එය අමතක නිසා දෙතුන් වරක් එය මතක් කර ගන්නට උත්සාහ කලද සාර්ථක වී තිබුනේ නැහැ.

මෙම සිදුවීමෙන් පසුව අමාත්‍යවරයා පසුගියදා වේදිකාවක පැවසුවේ තමා එම කවිපද දෙක අමතක කළේ හිතාමතා බවයි.



"පසුගිය දවසක මම කවි දෙකක් කිව්වා. කියලා ඕනෑකමින් මම පද දෙකක් මඟ ඇරියා. මොකද මාධ්‍ය කරන්නේ අපිව කඩේ අරින එකනේ, ඉඳලා හිටලා අපිත් මාධ්‍ය කඩේ අරින්න ඕනේ.

ටික දවසකින් මගෙත් මොකුත් ගියේ නෑ. කවිපද දෙකක් දන්නේ නෑ කිව්ව නම් ෂුවර් එකටම පෙන්නයි කියලා හිතුවා. හිතුවා වගේම පෙන්නුවා.

අහසේ තරුමල් පිපිලා පොළවේ සුදුමල් පිපිලා
මඟුල් දෙවල් දෙකක් වගේ මේ දෙපළම හැඩ ගැහිලා

අපි කවි දෙකම දන්නවා.

එම වීඩියෝව පහතින්.




-






Source: http://www.gossip9.com/2012/10/blog-post_18.html#ixzz29po2zjyF