Pages

Tuesday, October 30, 2012

ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්


මේ මස 20 -27 දක්වා පැවති ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීන් හට බෙදා දීමට හොරණ ගොවිජන සේවාමධ්‍යස්ථානය වෙත ගෙන ආ යූරියා පොහොර මිටිවල තිබී විශාල ප්‍රමාණයේ කළු ගල් සොයාගන තිබුණා. 


අදාල වැඩ සටහන යටතේ බෙදා දීමට හොරණ ගොවිජන සේවා කාර්යාලයට මෙට්‍රික් ටොන් 80ක යූරියා තොගයක් ගෙන ආ අතර ඒ අතර තිබූ මිටි 04කින් ඒවා සොයා ගෙන තිබෙනවා. 

හොරණ ගොවිජන සේවා කාර්යාලයේ කාර්යභාර නිලධාරීනිය මේ පිළිබඳ කළුතර, දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයට ලිඛිතව පැමිණිලි කර තිබෙන අතර ඉතිරි පොහොර තොගය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. 














Source: http://www.gossip9.com/2012/10/blog-post_8408.html#ixzz2AimWa2W2