Pages

Friday, October 12, 2012

කොළඹ කොටසකට හෙට වතුර නෑ





කළු ගඟ ව්‍යාපෘතිය යටතේ නව ජල නළ එළීම හේතුවෙන් හෙට (13) පස්වරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 8.00 දක්වා පැය දොලහක කාලයක් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මාලිගාවත්ත පාර, පංචිකාවත්ත පාරේ කොටසක් ශ්‍රී සුමනතිස්ස මාවතේ එල්ෆිනිස්ටන් හන්දියේ සිට ජේතවන පාර හන්දිය දක්වා මිරානියා වීදිය පැරඩයිස් පෙදෙස, ඕල්ඩ් මුවර් වීදිය, ප්‍රින්ස් ගේට්, එම්.ජේ. ලාෆීර් මාවත, බණ්ඩාරනායක මාවත, මහා විද්‍යාල මාවත, නිව් මුවර් වීදිය, හුසේනියා වීදිය, ශාන්ත සෙබස්තියන් වීදිය, මෙසෙන්ජර් වීදිය, සාංචි ආරච්චි වත්ත, මාට්ස් පටුමග, ඔයිල්මන් වීදිය, බෙල්මවුන්ට් වීදිය, ජයන්ත වීරසේකර මාවත, මාලිගාවත්ත නිවාස සංකීර්ණය, මාලිගාවත්ත පෙදෙස, වේල්ල වීදිය සංඝරාජ මාවත, ජුම්මා මස්ජිඩ් පාර, ඩයස් පෙදෙස, ශාන්ත සෙබස්තියන් කන්ද, අක්බාර් පටුමග, ඔරබිපාෂා මාවත, සහ මොහොමඩ් මස්ජිඩ් පාර යන ප්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.

අචලා ධර්මසේන