Pages

Sunday, October 7, 2012

අධිවේගයේ පිස්සු නැටු නියෝජ්‍ය ඇමති


නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන ඩුලිප් විජේසේකර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින් බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකොට ඇත.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 02 වනදා රාත්‍රියේදීය.

කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර බව සැරෙන් කථා කොට රුපියල් 1500 ක් රථයේ විදුරු පහත්කොට එලියට විසිකොට ඇත.


තමා රාත්‍රියේ යන්නේ හදිසි ගමනක් බවත් ඒ බව කතානායකවරයාටත් තමා දන්වා ඇති බව කියමින් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසියට බැන වැදී ඇත. 

බැන වැදීමෙන් අනතුරුව යාමට පිටත්වූ අමත්‍යවරයා එලියට විසිකළ රුපියල් 1500 නැවත වාහනය තුලට ගෙන ඇත.






Source: http://www.gossip9.com/2012/10/blog-post_9973.html#ixzz28RHuc1T9