Pages

Friday, October 5, 2012

අපගේ හෙළිදරව්වෙන් අර්ජුන පරල වෙයි


සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇති බව අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කළා.

ඒ බව වාර්තා වීමත් සමග අර්ජුන කමලනාත් විසින් පුවත්පතකට අදහස් දක්වමින් කියා ඇත්තේ ඔවැනි පුවත් කතා කරන තක්කඩින් සමග තමාගේ කතාවක් නොමැති බවයි.

මෙයට පෙර ලිපිය මගින් අප හෙළි කලේ නළු නිළියන්ට ගෙවීමට ලබාදුන් ලක්ෂ 20 ක මුදලින් නළු නිළියන්ට සොච්චමක් ලබාදී ඉතිරිය ඔහු තබා ගත බවයි.


මෙය වරදවා වටහාගත් අර්ජුන එයට පිළිතුරු දී තිබුනේ රුපියල් ලක්ෂ 20 ක් තමා වංචා කලේ නොමැති බවත් තමාට ලැබුණු මුළු මුදලද වන්නේ ලක්ෂ 20 ක් බවය.

කෙසේ නමුත් කිසිවෙකු ඔහුගේ මුහුණටම මේ පිලිබඳ ගොස් ප්‍රශ්න කළහොත් ඉදිරිපත් කිරීමට සාක්ෂි ඔහු ලග සතුව ඇති බව එම සතිඅන්ත පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.







Source: http://www.gossip9.com/2012/10/9.html#ixzz28QmImxGA