Pages

Friday, November 16, 2012

කටට මැහුම් 10ක් දමන්න පිඟන් පහරක් වදී

සෙල්ලම් කරමින් සිටි බෝලය අල්ලපු වත්තට යාම නිසා එය රැගෙන ඒමට ගිය සිසුවෙකුට එම නිවැසියන් විසින් පිඟානකින් පහර දීම නිසා බරපතල තුවාල ලැබූ සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත‍. පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. සිසුවා අම්බලන්ගොඩ පී ද එස්. කුලරත්න විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. මලින්ද වාසනා (15) නැමැත්තෙකි. දැනට සිසුවා බලපිටිය මූලික රෝහලේ 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ කටට මැහුම් 10 ක් පමණ යොදා ඇතැයි ඔහු පවසයි.





ජායාරූප - එස්. සමරනායක - ගාල්ල



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4115:-10-&catid=34:news&Itemid=62