Pages

Friday, November 16, 2012

දඩයක්කරුවන්ට ගොදුරු වූ අන්ධ ඇතා

"මහකනදරාවේ අන්ධයා" නමින් ප්‍රකටව සිටි දළ ඇතා මීට දින කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස්‌ ඇති බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මියගිය දළ ඇතාගේ සිරුර මැදවච්චිය, කොන්වැව ප්‍රදේශය ආසන්නයේ තිබී සොයාගන තිබූ අතර ඇස්‌ අන්ධවීම නිසාම මේ දැවැන්තයා ලඟටම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට යාමට හැකිවූ නිසා ඇතා මේ සියළු දෙනාගේම ආදරයට පාත්‍රව සිටියා.

මෙම ඝාතනයට සම්බන්ධ දඩයක්කරුවන් පිළිබඳව ලබාදෙන තොරතුරකට රු. ලක්ෂ දෙකහමාරක් ලබාදෙන බවට මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත

මෙම සද්ධන්ත දළ ඇතා සෑම වසරකම ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාස වල ජලය සොයාගන මිහින්තලේ මහකනදරා වැවට පැමිණීම පුරුද්දක් කරගන තිබුණි.

වයස අවුරුදු 50-55ක් වූ මෙම ඇතාගේ එළියට පැමින තිබූ දළක දිග අඩි තුන හමාරක් පමණ විය.

මෙ වනවිට අලි ඇතුන් ලංකාවේ හයදාහක් පමන සිටියත් වැඩිහිටි අලි ගහනය සිටින්නේ 5%ක් පමණයි.



Photograph : Saranga De Alwis






Source: http://www.gossip9.com/2012/11/blog-post_15.html#ixzz2CJr6eOHZ