Pages

Saturday, November 3, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගය නාය ගිය හැටි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිතව ඊයේ දිනයේ නාය යාමකට ලක්වුවා. අඩි 25 ක් පමණ උස පස් කණ්ඩියක් ගාල්ල සිට කොට්ටාව බලා දිවෙන මංතිරුවට කඩාවැටී ඇති අතර කන්ද නායයාමට මද වෙලාවකට පෙර එම කන්ද පහත් වී විදුලි කණු පාරට පෙරළි ඇත. 

නාය ගිය කොටස වටටත් එහා මද දුරක් ගොස් ඇති අතර යකඩ වැටටද හානි වී ඇත. පස් කන්ඩිය කඩාවැටුණු අවස්ථාවේ දී කොට්ටාවේ සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන වාහන දොඩංගොඩ හුවමාරුවෙන් පිටතට ගොස් වැලිපැන්න පිවිසුමෙන් යළි දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුලිවී ගමන් කරන ලෙසට මගීන්ට උපදෙස් ලැබුණි. 

යුහුසුළුව ක්‍රියාත්මක වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයන් විසින් එම පස්කන්දිය ඊයේ රාත්‍රිය වන විට ඉවත්කර එම මන්තිරුව නැවත වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට සමත්විය.

අධිවේගී මාර්ගය නාය ගිය අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 


 
ජායාරුප අප වෙත එව්වේ : ප්‍රදීප් සංජය






Source: http://www.gossip9.com/2012/11/blog-post_3.html#ixzz2BBI08tnQ