Pages

Friday, November 2, 2012

අරුම පුදුම බළල් සෙනෙහස


සුනඛයන් මෙන් නොව බළලුන් සිය ස්වාමියන්ට ආදරය දක්වන්නේ ආඩම්බරගතියෙන් මෙන්ම ස්වාධීනත්වයකින් යුතුවයි. නමුත් තම ස්වාමියා මිය ගිය විට ස්වාමියාගේ දේහය අසලින් නොසෙල්වුණු බල්ලෙකු ගේ සංවේදී පුවතක් පිලිබඳ අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. ඉතා සුරතෙල් ඇතිදැඩි කල මෙම බළලා වසර 5 ක් පමණ අමරකෝන් මහතා බලාකියා ගෙන ඇත්තේ ආද‍රයෙනි. 


පසුගිය කාලයේ හදිසි‍යේම අසනීප වූ අමරකෝන් මහතා රෝහල් ගත කෙරුණු අතර එම අසනීපයෙන්ම මිය ගියේය.

ඔහුගේ දේහය නිවසට රැගෙන ආ මොහොතේ තමන්ගේ ස්වාමියා නිසොල්මන්ව පෙට්ටියක් මත වැතිර සිටිනු දුටු බළල් සුරතලාත් ඒ පෙට්ටිය මතට නැග අමරකෝන් මහතා සිටි අයුරින්ම දිගාවී සිටියේය. 


දේහය ගෙදර තිබූ දින තුනම නොසෙල්වී එකම අයුරින් සිටි බළල් සුරතලා නිසා දේහය නිවසින් පිටතට රැගෙන යන්නට පෙට්ටිය වසන්නට විශාල වෙහෙසක් දරන්නට විය. තමන් තම ස්වාමියා සමීපයෙන් වෙන් කරන්නට සැරසෙන අයව සපා කන්නට තරම් මේ බළල් සුරතලා සිය ස්වාමියාට ආදරෙයෙන් බැඳි සිටියේය. 

අවසායේ දී අත් ආවරණ දමාගෙන බළල් සුරතලා සිය ස්වාමියාගෙන් ඈත් කර දේහය රැගෙන ගොස් තිබුණි.





-ජායාරුප අනුග්‍රහය : අශෝක එරමිනිගම්මන – දඹුල්ල





Source: http://www.gossip9.com/2012/11/blog-post.html#ixzz2B0zQOQC6