Pages

Monday, November 12, 2012

විපක්ෂයෙන් තවත් සිවුදෙනෙක් ආණ්ඩුවට ?





එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉදිරි දිනවල ආණ්ඩුවට සම්බන්ධ වීමේ සූදානමක් පවතී. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති අතර මෙම පිල් මාරුවට සූදානම්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය අය වැය විවාදය දිනයේද ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සුහද කතාබහක යෙදී තිබේ. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ‍ලේකම් ධුරයෙන් ටිරාන් අලස් ඉල්ලා අස් වූ අතර එහි නියෝජ්‍ය නායක ධුරයෙන් පසුගිය සිකුරාදා අර්ජුන රණතුංග ඉල්ලා අස්විය. ඔවුන් ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙ
ක් නිල ප්‍රකාශයක් කර නැති නමුත් ඔවුන් ආණ්ඩුවට සම්බන්ධ වනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නොනිල ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සමගත් එජාප මන්ත්‍රීවරුන් සමගත් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත.


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3931:2012-11-10-07-55-36&catid=34:news&Itemid=62